මුළු සාගරේ වේ අපෙ ජීවිතේ, එක බිඳක් නොව ඔබ සිතනා ලෙසේ
මේක රූමිගේ වදනක්, ඇත්තටම රූමි මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා මටත් එක එක වෙලාවට එක එක විදිහට තමයි තේරෙන්නෙ. මම මේක ජීවිතේ සිංදුවේ lyrics වලට දානකොට තේරුණ විදිහට නෙමෙයි දැන් තේරෙන්නේ. ජීවිතේ අත්දැකීම් එක්ක යනකොට අපිට කලින් අහපු කියපු දේවල් එක එක තේරුම් දෙන්න ගන්නවා. ඒ වගේම තව ටික කාලෙකින් වෙනස්ම විදිහකට තේරෙන්න ගනියි. උදාහරණයක් හැටියට සූර පප්පා එකේ පීටර් කිව්ව "ගටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා" වගේ පට්ට සරල වදනක් මට නම් දැන් තමයි හරියට තේරෙන්න ගන්නේ, පීටර්ගේ calm ස්වභාවය, peace within chaos කියන එක practice කරපු හැටි පොඩි ළමයෙක්ට දෙනවා කියන්නේ එතන මාර vision එකක් කාටූන් එකක ගැබ් කරලා තියෙනවා කියලා මට හිතෙන්නේ, ඒකේ original dialogues වල එහෙම දෙයක් නැති වුණත් චූටි මල්ලි සමග පොඩි මල්ලි, සුනෙත් සහ ගාමින්ද දෙන්න මාර ආතල් එකක් එක්ක පට්ට වදන් ටිකක් ඒ dubbing වලින් දීලා තියෙනවා ලංකාවට හරියන විදිහට. ජීවිතේ ප්‍රශ්න එනකොට ඒවා දිහා සරලව සැහැල්ලුවෙන් ආතල් එකේ බලන්න පීටර්ගේ mindset එක තමයි ඕන.
ආපහු රූමිගේ පැත්තට ආවොත් , රූමි අපිට කියනව කිසිම ජීවියෙක් එකිනෙකාගෙන් වෙනස් නොවන බව, කුලල් කාගැනීම් වල තියෙන ප්‍රාථමික ස්වභාවය සහ oneness කියන සංකල්පය. ඒ වගේම ඒ වදනින් පුළුවන් වෙනව අපි අපේ කියලා ජල බිඳුවක් ලෙස හදාගෙන ඉන්න ගොඩනගාගෙන ඉන්න, physically සහ mentally maintain කරන්න දඟලන ඒ හැම සංකල්පයක්ම මේ මහා සාගරයේ දියකරලා දාන්න. අපිට අපිවම අමතක කරලා මහා සාගරේ පාවෙන කුණු කෑල්ලක් ගානට අපිව පත්කරගන්නත්, ඒ වගේම ඒ සාගරේම ඉන්න නිල් තල්මසෙක් බවටත් පත්කරගන්නත් එකම වෙලාවේ පුළුවන් වෙනවා. ඔන්න ඔය duality එකෙන් එහාට trip එකක් රූමි අපිව ගෙනියනවා. ගොඩක් වෙලාවට වෙන්නේ නිල් තල්මසෙක් වුණ ගමන් කුණු කෑල්ල ප්‍රතික්ෂේප කිරීම, සහ ඒකේ අනිත් පැත්තත් එහෙමම තමයි. අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන එක අන්තයකට වෙලා ආතල් එක ගන්න, හැබැයි Universe එක අපිව අනිත් පැත්තට, ඒ කියන්නේ අනිත් අන්තෙටත් දාලා පෙන්නනවා ඒ දෙකේ මැද ඉන්න ඕන විදිහ, - වුණත් + වුණත් 0 ඉන්න විදිහ. ඒක නිකන් 0 කියන්නේ අනන්තයම තමයි කියලා ඔප්පු කරලා පෙන්නනවා වගේ තමයි. මම ඕක කරන්න ගිහිල්ලා පොඩ්ඩක් ට්‍රැක පන්නගත්තා, ඒ නිසා පරිස්සමෙන්.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා, 0 කියන්නේ ශූන්‍යත්වයත් නෙමෙයි, එතනත් යම්කිසි සංකල්පයක් තමයි තියෙන්නේ, අපි මනසින් නිර්මාණය කරගත්ත, සංකල්ප හරහාම තමයි හැබැයි සංකල්ප බිඳලා දාන්නත් පුළුවන්. ආතල් එකේ ඉන්න ඕන නිසා, කිසිම සංකල්පයකට වහල් වෙලා ජීවිතේ miss කරගන්නේ නැතුව, අර කතාවක් තියෙනවනේ life is what happens to you when you are busy finding it කියලා, අන්තිමට මේක පිස්සු ආතල් එකක් විතරයි...



Comments
Post a Comment