Skip to main content

Posts

Featured

ඉස්සෙක් පිට රවුමක්

  ඇති නැති සැම තම තරමින් කා බී විනෝද වෙති ඇති හැටියෙන් පෙම් කෙළිමින් හෙට ගැන හීන මවමින් පෙම්බස් වා තලයට එකතු වෙයි රහසින් නැති බව කියමින් ඇති නැති සැමගෙන් ඉල්ලයි දුගියන් පින විකුණමින් දුන්නෙමි මමත් රුපියල්ම විස්සක් මතු සැපවත් ආත්මයක් නොපතමින් ඉස්සන් පොකිරිස්සන් හරි හැරියට බැදෙයි නටන පරණ තෙලේ කකියමින් රැල්ල වෙරළට ආවත් පෙණ පොපියමින් යන්නේ කුණු ටිකත් අරන් තියෙන වෙරළෙන් අහස පීරගෙන නැගුණ ගොඩනැගිලි වල ඉඳන් වඩයක් කන ගමන් හිතනවා, "කමුද පල්ලහා පරණ තෙල්වල බදපු වඩයක් කෙළ පෙරමින්?" එකක වැඩිපුර ඉන්නකොට අනිත් එක දැනෙනවා වැඩියෙන්  ඒක තමයි හැටි මේ හිතේ මචං මොනවා කරන්නද ඉතින්…. රූන් පෙත්ත කැරකෙනකොට හෑම පාටක්ම අන්තිමට එකතු වෙනවා එක තැනකින් ඉහළ උඩ යන සරුංගලයක් වගේ ඔක්කොම, නූල තමා අත නැති බව නොදනිමින් දුම් වළල්ලක පාවෙමින් මම යන්න යනවා මගේ ගුබ්බෑයමට ආයෙත් හොයාගන්න මාවම මේ දැනෙන මොහොතින් පාවෙන සබන් පෙණ බුබුළු ඇඟේ හැප්පිලා කුඩු වෙලා ගියා යන ගමන් මොකක්දෝ මතක් කරමින්…

Latest Posts

මුළු සාගරේ වේ අපෙ ජීවිතේ, එක බිඳක් නොව ඔබ සිතනා ලෙසේ

Atonal කපුටු symphony එක

කාලාවකාශය සහ නිර්වාණය

පිස්සු හැදෙන ගුරු පූර්ණිමා

හිතන විදිහ වෙනස් කරන්න පුලුවන්, හැබැයි හිතෙන විදිහ වෙනස් කරන්න පුලුවන්ද?

මාළු පාං

අද හෙට නම්, හෙට අනිද්ද නම්, ඊයේ කවද්ද?

දිග සරමක්, මැස්සෙක්, මයිල් ගොඩක්, මං

මං මට මමද?

ලංවෙන්න