Atonal කපුටු symphony එක
Atonal කපුටු symphony එක ගැන ලියන්න විහාර මහා දේවි එකට ආවා. මෙතන ටිකක් කපුටු ජනගහනය වැඩි තැනක්. හැබැයි මට මේ idea එක ආවේ මම concert එකක් බලන්න Bishops College auditorium එකට ගිහිල්ලා ඉන්න ගමන් ඉන්න අතර වාරයේ එතන කපුටන්ගේ සද්ද ටික ඇහිලා.ඒ කපුටන්ගේ සද්දේ සහ atonal music අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඒ වෙලාවෙ මට හිතුනා. මම මුලින්ම කියලා ඉන්නම් මොකක්ද මේ atonal music කියන්නේ කියලා. ඇත්තටම atonal music කියන්නේ කිසිම key center එකකට අදාළ වෙන්නේ නැතුව වාදනය හෝ ගායනය වෙන music එකක්.ඒ කියන්නේ ඒ කිසිම සංගීත ඛණ්ඩයක් key center එකකට අදාළ කරගන්න බැරි වෙනවා. උදාහරණයක් හැටියට, අපි නිල් අහස් තලේ කියන සිංදුව කියන C major key එකේ යනව කියල අඳුරගන්නවනෙ, එතකොට ඒ සිංදුව පදනම් වෙලා තියෙන්නෙ C major key එකට අදාලව. Atonal music වල එහෙම key එකක් නැහැ. ඒක chaotic ගතියක් දැනෙන සංගීතයක්, හැබැයි එතන structure එකක් තියෙනවා. සංගීතය ලියල ඒ අනුව තමයි වාදනය වෙන්නෙ, random notes නෙමෙයි. ඒක ටිකක් වෙන තැනක තියෙන musical texture එකක් කියල අපිට හඳුනාගන්න පුළුවන්. ඒ ගැන තව දුරටත් දැනගන්න මේ link එකට ගිහින් අහල බලන්න Atonal music
හරි, අපි එමු ආපහු කපුටන්ගෙ පැත්තට. මම හිතන්නේ අනිත් කුරුල්ලන්ගේ සද්ද වලට වඩා මට ඒ කපුටන්ගේ සද්දේ ටිකක් වෙනස් විදිහට එතන ඇහුනා.මොකද අනිත් කුරුල්ලන්ගේ ශබ්ද ගොඩක් වෙලාවට ඇහෙන්නේ තනි තනිව සහ මෙලඩික් විදිහට සහ ඒවට key center එකක් තියෙනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි කපුටන්ගේ සද්ද key center එකකින් තොරව ඇහෙනවා කියලා තමයි මට ඒ වෙලාවෙ දැනුනෙ. ඒ සද්දේ atonal ගතිය සහ ඒ chaotic ගතිය, කොළඹ වාතාවරණය, කොළඹ vibration එකත් එක්ක නිකං එකට පෑහෙනවා කියලා මට ඇත්තටම හිතුණා. මොකද කපුටෝ සාමාන්‍යයෙන් ඉන්නේ වැඩිපුර කොළඹ සහ කොළඹ තියෙන vibration එකට අදාළව තමයි ඒ සත්තුත් බෝ වෙන්නේ. එතකොට ඒ ඒ සතාට ඒ ඒ vibration එක අදාළ විදිහට ස්වභාවධර්මය විසින් ලස්සනට place කරනවා. මිනිස්සුන්ගේ chaotic ගතිය, කාර්‍යබහුලත්වය, හැලහැප්පීම්, දුවන දිවිල්ල සහ ඒ හැම දෙයක්ම කපුටන්ගේ atonal සද්දය ඇතුලේ තියෙනවා කියලා මට හිතුන. කොළඹ තියෙන ඉතාමත් කාර්යබහුල chaotic nature එකේ ඉන්න සතෙක් වුණත් ඒ සතාගේ intelligence level එක ඉතාම ඉහළ මට්ටමක තියෙනවා කියලා මම අහල තියෙනව. කපුටා කියන ජාතිය ඉතාමත් හොඳ සංකීර්ණ ප්‍රශ්න විසඳන කට්ටිය, සහ ඒගොල්ලෝ සමහර වෙලාවට කාර් එකකට යට වෙන්න දීල කෑමට අවශ්‍ය nut එක කුඩු කරගන්න නිකන් පාරට nut එක පවා දාන සත්තු ජාතියක්. උන්ට හොඳට මිනිස්සුන්ගේ මූණු මතක තියාගන්නත් පුළුවන් කියල කියනව, ඔය complex behaviours වල එකතුවක් වෙන උන් උන්ගෙ dialect එක පවා අවස්තාව අනුව වෙනස් කරනවා. එතකොට ඔය ඔක්කොම එකතු වුනාට පස්සේ එන සද්ද ටික atonal වගේ සංකීර්ණ මියුසික් එකක් එක්ක සමපාත වෙනව. ඒ වගේම කපුටන්ගේ කිසිම සද්දයක් random නැහැ කියලත් කියනවා. ඒගොල්ලන්ගේ ශබ්ද ඔක්කොම ඒගොල්ලෝ හිතලා දාන්නෙ. Plan කරලා තමයි ඒ ඒ සද්ද ටික එන්නේ, ඒ frequencies ඒගොල්ලෝ generate කරන්නේ. ඒ වගේම තමයි atonal music වල තියෙන ඒ random නැති ගතිය. ඒ හැම note එකක්ම හිතල තමයි එතනත් ඒගොල්ලෝ ඒ piece එකේ place කරන්නේ. ඉතින් මේ දෙක හරියටම ගැලපෙනවා.
ඔය වගේම atonal music අහන මිනිස්සුන්ගෙත් චර්යා රටා සහ cognitive abilities වෙනස් වෙනව කියල research වලින් හොයාගෙන තියෙනව. තවදුරටත් research වලින් පෙන්නන්නෙ atonal music අහන අයගෙ intelligence level එක සහ cognitive abilities ඉහළ අගයක පවතිනව කියල. ඒ වගේම ඔවුන් unconventional thinkers ල කියලත් කියනව. ඒ thinking එක නිසාම සාම්ප්‍රදායික රාමුවෙන් පිටත හිතන, අසාමාන්‍ය නිර්මාණශීලීත්වයක් තියෙන ඔවුන් සමාජයෙන් reject වෙනව. අපි මේක කපුටන්ට සම්බන්ධ කරල බැලුවම හරියටම මිනිස්සු වගේම සමපාත වෙනව කාරනා ටික. කපුට කියන්නෙත් සමාජයෙන් reject වුන කළු කැත යැයි සම්මත intelligent, creative සතෙක්, ඒ වගේම උන්ගෙ සද්දෙත් ඒ වගේමයි, චර්යාවත් එහෙමයි, rejected. ඉතින් atonal music අහන සමාජයෙන් reject වුන මනුස්සයෙකුයි කපුටෙකුයි අතර ඇත්තටම ලොකු වෙනසකුත් නැහැ වගේ. ඕගොල්ල ඊළඟ පාර කපුටු symphony එකක් අහනකොට මේ ටිකත් ඔලුවේ තියාගෙනම අහන්න.


Comments
Post a Comment