රේඛාව රිදී
මං පාවෙන වලාවක නැගී
ඈතට ඉගිලිලා යනවිට ඇදී
දුටුවා වැහි වලාවක් මත බව
ඉන්නෙ මා අහසේ රැඳී
මට දැනුනෙ නෑ ඒ බවක් පෙරදී
දුටුවෙ මා ඒ රේඛාව රිදී
කඩා වැටෙනා බවත් මා දනී
මගෙ හදවත ඝනීභවනය වී
තබයි මා වැටෙන්නට නොදී
මිතුර ඔබ හා ඇතී
නැති වූවා නම් කම් නැතී
කියා සිතෙනා ගුණය ඔබ හට
සැපත දෙයි සදහටම රිසී
ඉතින් ඔබ ඔබ ලෙසම වී
භාරගන්නට හැකිනම් රිසී
සොබා දහමේ රිද්මයට තව
ලංවීමමයි එය පණ ඇතී



Comments
Post a Comment