කාලාවකාශය සහ නිර්වාණය





                    ක්වොන්ටම්වාදයයි, ගුරුත්වයයි, enlightenment එකයි කාලාවකාශයයි අතර සම්බන්ධයක් දැනුනද මන්දා. හැබැයි නිර්වාණය කියන්නේ මේ කිසිවකින් සම්බන්ධ කිරීමට නොහැකි දෙයක් කියලා මුලින්ම කියන්න ඕන සහ මේක මගේ හිතළුවක් විතරමයි කියලත් මතක තියාගෙනම කියවන්න.

                    අයින්ස්ටයින්ගේ theory වලට අනුව  විශේෂ සාපේක්ෂතාවාදය යටතේ කාලය සහ අවකාශය එක මානයක් ලෙස හඳුන්වලා තියෙනවා. E=MC² සමීකරණයට අනුව ඉතා අධික ප්‍රවේගයකින් ගමන් කරන විට කාලය ගතවන වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ වේගයට ලං වෙන්න වෙන්න කාලය ගමන් කිරීම මන්දගාමී වෙනවා. ඒ වගේම සාමාන්‍ය සාපේක්ෂතාවාදය යටතේ ගුරුත්වය කියන මානයත් මේකට එකතු වුණා. එතකොට කාලාවකාශ වක්‍රයේ නැමීමත්, එහෙමත් නැත්නම් warp වීමක් යම් කිසි ස්කන්ධයක් ඒ මත පතිත වීමෙන්  වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඒ වස්තුව වටා ගුරුත්වය ක්‍රියාත්මක වෙනව. ඒ අනුව ගුරුත්වය සහ කාලය අතර තියෙන්නෙත් ප්‍රතිලෝම වූ සම්බන්ධයක්. මම කියන්න යන දෙයින් මේ දෙකේ බලපෑම එකිනෙක පරස්පර විරෝධී තැනකටත් එනව, ඒක ඉස්සරහට බලමු.

                දැන් මම කියන්න යන්නෙ මේ දෙක enlightenment එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. අපි කියන මේ enlightenment එක කියන තැනදී කාලය කියන දේ ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ, අතීතය, වර්තමානය සහ අනාගතය කියලා තියෙන මනස විසින් නිර්මාණය කරන ලද  මේ සංකල්ප තුනේ විකාශනය හැකිලිලා යනවා. අපි ඒක මේ තත්පරයෙන් මනින කාලය ශුන්‍ය වීම කියලා සලකමු. එතකොට කාලය මුලාවක් කියන එක හරහා ශුන්‍යත්වයට පැමිණෙනවා. කලින් කිව්වා වගේ කාලය වේගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ මෙතනදී වේගය කියන රාශිය අනන්තය දක්වාම යනවා. ඒ කියන්නේ ∞ ms - 1 වෙනවා. මෙතනදී වේගය කියලා කියන්නෙ මොකේ වේගයද කියලා අපි බලමු.

                අපේ ශරීරයේ හැම අංශුවකම තියෙන ඉතාම කුඩා sub atomic particles වල තියෙන්නේ තරංගමය සහ ද්‍රව්‍යමය duality එකක් කියලා ක්වොන්ටම්වාදයෙන් කියනව. එතකොට මේ ඔක්කොම vibrations වල එකතුවක් කියලා සුපර් ස්ට්‍රින්ග් තියරි එකෙත් කියවෙනවා. vibrate වෙන තන්තු ටිකක් තමයි අපිට එතකොට හොයාගෙන යද්දි හම්බුවෙන්නේ (මේක තවම ඔප්පු කරල නැහැ). මේ සියල්ලමත් බටහිර විද්‍යාඥයන්ගේ සංකල්පම තමයි. ඒත් ඒ සංකල්ප වලින්  නව සංකල්පයක් හදලා මමත් මේ අවිද්‍යාව වපුරනවා කියලා ගන්නත් පුළුවන්. ඒත් ඉතින් මම මේ හුදෙක් ආතල් එක පිණිසම කරන දෙයක්. හරි, ඒ කිව්ව sub atomic පාටිකල්ස් වල vibrating speed එක තමයි අර කාලය ශුන්‍ය වීමේදී අනන්තය කරා යන්නේ. එතකොට මේ වේගය ආලෝකයේ වේගයටත් (c) පරයල යනව. හැබැයි මේක න්‍යෂ්ටික පිපිරිමක් වගේ භෞතික පිපිරීමකට ලක් වෙන්නේ නැහැ මොකද fission එකක් හෝ fusion එකක් වෙන්නේ නැති නිසා. මෙතන වෙන්නේ ඒ sub atomic particles වල  වේගය අනන්තය කරා යාම තුළින් තරංගමය ස්වභාවයකට ලං වීමයි (ක්වොන්ටම් wave particle duality එක අනුව). මේ එක්කම E කියන පරාමිතිය ඉතා ඉහළ අගයකට යනවා. ඒ කියන්නේ අපේ හැම අංශුවකම ඇති ශක්තියයි. අපේ aura එකයි, vibration එකයි. ඒ කියන්නේ අපි  enlightenment එකට අදාල vibrational energy එකට ලං වෙනවා. 

ඕක තමයි මූලිකම උපකල්පනය සහ හිතළුව, මීලඟට තියෙන්න ගුරුත්වයේ බලපෑම.

                ගුරුත්වය ඉතා අඩු තැනකදී, ඒ කියන්නේ Indian ocean geoid location සහ ඊට ආසන්නව සිටියදී, නැත්නම් කඳු මුදුනක සිටියදී අපේ ශරීරය වෙනස් වීම තුළින් අප විඥානයට සහ මුළු ශරීරයටම බලපෑමක් වන්නේ සමීකරණයට අනුව ස්කන්ධය (m) අඩුවීමක් නොවුනත් එම ස්කන්ධය මත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන ශක්තිය (E)  වෙනස් වීමත් සමගයි. එහෙනම් එවැනි ස්ථානයක සිටියදී වැඩි ශක්තියක් කරා යාමේ හැකියාව ඇතිවන්නේ, කාලය ශූන්‍ය වී ඇති වන ඉහත කී බලපෑම ක්‍රියාත්මක වීමට පහසු පරිසරයක් එම ස්කන්ධය මත ඇති වන ගුරුත්වය අඩු වීමෙන් වන නිසයි. හැබැයි අනිත් පැත්තෙන් ගුරුත්වය අඩු වීම කාලය වේගයෙන් ගමන් කිරීමටත් හේතු වෙනව, එතකොට අර කලින් කියපු කාලය ශූන්‍ය වීමට විරුද්ධ දෙයක් තමයි එතන වෙන්නෙ, නමුත් පෘතුවිය මත ඇතිවන්නා වූ ගුරුත්වයේ වෙනස්කම් තුලින් කාලයේ වේගයට ඉතා කුඩා නොගිනිය හැකි බලපෑමක් වන බවයි පවසන්නෙ, ඒ නිසා ඒක අපි නොසලකා හරිමු. මේ මොනව කොහොම කිව්වත් enlightenment කියන දෙය ලෝකයේ කොතන කොහොම හිටියත් ලඟාකර ගැනීමට හැකියාවක් තියෙනවා. මෙතනදී එයට පහසුවක් වන බව විතරමයි ගම්‍ය වන්නේ. දැන් ඇති. ඔබ සැමට නිවන් සුව ලැබේවා !

Comments