හිතන විදිහ වෙනස් කරන්න පුලුවන්, හැබැයි හිතෙන විදිහ වෙනස් කරන්න පුලුවන්ද?
ඇත්තටම මේ හිතෙන සිතුවිලි කාගෙද
ස්පර්ශයක ඇති මටසිලිටු බව ඈගෙද
නැත්නම් එය ස්පර්ශ කරන අත්ලෙහිද
එසේත් නැත්නම් එය දන්වන සිතෙහිද
පණ්ඩිතයෝ මොලයට තැන දෙති
මේ සියල්ලම එහි ඵල යැයි කියති
එසේනම් එකම එක සිංදුවකුත් ඇති
හැමටම රස විඳිය හැකි
සිතක් කියන්නෙම සිතේ තව නිර්මාණයක්ද
මේ සිතන්නේ මගෙ සිතද
මේ ලියන්නේ මමද
කව්ද මම ?
මම සිත නොවේ
මම ගතද නොවේ
මම අනන්තයි
මම ශූන්‍යයි
මට පෙනෙන්නේ මරණයයි
නැවත මරණයක් නැති
අවසරයි... සියමනස නසා ගැනීමට...


Comments
Post a Comment