දියවෙන මනසට
මගෙ ලෝකයෙන් එහා ඇදුනු ස්පර්ශයකි
කිළිටි මනසක දියවී යන ස්වභාවයකි
අතරමං වීදියක කෙලවර දිස්වන පහන් එළියක
වැදී මියයන මෙරුවකුගේ හෘද සාක්ශියකි
අල්ල තල්ල මත තබා අම්මපල්ල නොකියූ මොහොතකි
ඉරෙන්නට ගිය කලිසමට මුක්කු ගැසූ සරමකි
ගෞරව කරන්නට තබා ඇති මිනියක් වැළපෙන උන් දැක කට කොනින් පෑ සිනාවකි
මතක ඇතුව,
දියවෙන මනසට සබන් ගාන්නට ස්මාට් ෆෝන් එක්ක අරන් එන්න...



🧡🙏
ReplyDelete❤️🫂❤️
Delete